ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු
ගැස්ට්‍රයිටිස් යනු අපගේ ආමාශය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක්. එය ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් ලෙස සරලව හඳුන්වනවා. ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් නිරීක්ෂණය කිරීමට හැකියි. එක ආකාරයක් කෙටි කාලයක් තුල දී මතුවිය හැකි අතර එය කෙටි කාලීන ගැස්ට්‍රයිටිස් (acute gastritis) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් පවතින්නේ දින 2-10 වැනි කාලයක් අතර යි. අනෙක් ආකාරය නම් දිගුකාලින ගැස්ට්‍රයිටිස් (chronic gastritis), එනම්, දිගු කාලයක් තිස්සේ සෙමින් සෙමින් මතුවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය යි. මෙම තත්ත්වය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා වුව ද පවතිය හැකියි
ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන හේතු සහ අවදානම් සාධක
අද වන විට සුලබ රෝග තත්ත්වයක් බවට ගැස්ට්‍රයිටිස් පත්වීම කෙරෙහි බලපාන සාධක ගැන අවධානය යොමු කිරීම වැදගත්. මන්දයත් එය රෝගය වැළඳීම වළක්වාගැනීම කෙරෙහි උපකාරී වීම යි. ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන සාධක අතරේ ඉහළින්ම සිටින සාධකයක් වන්නේ අධිකව මද්‍යසාර භාවිතා කිරීම යි. එසේම දුම්පානය කිරීම, අධිකව තේ, කෝපි වැනි දේ පානය කිරීම, අධිකව වේදනානාශක භාවිතය මෙන්ම නිවැරදිව ආහාරවේල් ලබා නොගැනීම වැනි වැරදි ජීවන රටාවන් මෙම තත්ත්වය කෙරෙහි හේතු විය හැකි වෙනවා.
ගැස්ට්‍රයිටිස් ආශ්‍රිත රෝග ලක්ෂණ.
ගැස්ට්‍රයිටිස් ආශ්‍රිතව ඇති විය හැකි රෝග ලක්ෂණ පුද්ගලයාට අනුව වෙනස් වීමට හැකි යි. එහෙත් සාමාන්‍යයෙන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස,
- උදරයෙහි ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන දැවිල්ල හෝ කැක්කුම.
- වමනය යාමට ආසන්න සේ හැඟීම හෝ වමනය යාම.
- බඩ පුරවා දැමීම හෝ බඩෙහි අපහසුතාවයක් දැනීම.
- උගුරෙහි දැවිල්ලක් ඇති වීම.
- කෑම අරුචිය.
- නිතර නිතර ඉක්කාවන් ඇති වීම.
ආදී රෝග ලක්ෂණ හදුනා ගැනීමට හැකි වන අතර, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඉතාමත් බරපතල මට්ටමකට පැමිණි විට,
- වමනය සමඟ ලේ පිටවීම.
- මළ සමඟ ලේ පිටවීම.
- ශරීරයේ ලේ අඩුකම/ නීරක්තිය
ආදී ලක්ෂණ ද හඳුනාගැනීමට හැකි යි.
ප්‍රතිකාර හා වළක්වාගන්නා ආකාරය.
යම් රෝගයක් ඇති වී සුව කරගන්නවාට වඩා අප යුහුසුළු විය යුත්තේ එය ඇති වීම වළක්වා ගැනීමට යි. ගැස්ට්‍රයිටිස් වැළඳීම වැළකීමට අපගේ ආහාර පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, අධික සැර සහිත ආහාර භාවිතයෙන් වැළකීම, තෙල් හා පිෂ්ටය අධික ආහාර ගැනීමෙන් වැළකීම මෙන්ම, තක්කාලි වැනි ආහාර අධිකව පරිභෝජනය කිරීමෙන් වැළකීමට ද වගබලාගත යුතු වෙනවා. එමෙන්ම යෝගට්, නිවුඩු සහිත ධාන්‍ය, කැරට්, පොල් වතුර, ඇපල්, මෙන්ම අලුත් එළවලු හා පලතුරු මෙම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා යෝග්‍ය වෙනවා.
honeybellscookery.com (අලුත් එළවලු හා පලතුරු භාවිතය මෙහිදී වැදගත් වැදගත් වෙනවා)
එසේම වැදගත්ම කාරණයක් වන්නේ මෙම රෝගය වැළදුණු පසු සුව කර ගැනීමට නම් ඔබගේ වැරදි ජීවන පුරුදු වෙනස් කරගැනීමට අවැසි බවයි. මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකීම, අසාත්මික ආහාර වලින් ඈත් වීම, තේ කෝපි පානය අවම කිරීම, අධික තෙල්, පිටි අඩංගු ආහාර භාවිතයෙන් වැළකීම, මිරිස් තුනපහ වැඩිපුර යෙදු ආහාර භාවිතයෙන් වැළකීම, ඇඹුල් ගතිය වැඩි ආහාර භාවිතය අඩු කිරීම මෙන්ම, නිරාහාරව සිටීමෙන් වැළකීම ද වැදගත් වෙනවා.
මානසික ආතතිය පාලනය කරගැනීම ද අත්‍යවශ්‍ය තවත් කරුණක්. ඒ සඳහා හොදින් නිදා ගැනීම, විවේකය, සහ සතුටින් සිටීම වැදගත් වෙනවා. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, ආහාර හොඳින් සැපීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, ශරීරයේ නිසි බර පවත්වා ගැනීම මෙන්ම ව්‍යායාම වල නිරතවීම ආදිය ද ගැස්ට්‍රයිටිස් පාලනය කිරීම සඳහා උපකාරී වෙනවා. එමෙන්ම වෛද්‍යවරයා විසින් ලබා දෙන ඖෂධ නිසි අයුරින් භාවිතා කිරීම ද වැදගත්.
honeybellscookery.com (අලුත් එළවලු හා පලතුරු භාවිතය මෙහිදී වැදගත් වැදගත් වෙනවා)


No comments:
Post a Comment