Sunday, August 17, 2014

SRILANKAN BEHET

ශරීරයේ බර අඩු කිරීමට ස්වභාවික ඔසුවක්


ශරීරයේ බර සීඝ්‍රයෙන් වැඩි වීම වර්තමානයේ බොහෝ දෙනෙකුට තිබෙන දැවෙන ප්‍රශ්ණයක් වන අතර එයට විසඳුමක් සෙවීමට ඇමරිකානු වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. 

ඔවුන් පවසන පරිදි ඒ සඳහා යොදාගන්නේ 100% ක් ස්වභාවික කෝපි සාරයයි. ශරීරයේ බර අඩු කරගැනීමට වඩා ක්‍රියාකාරී වන්නේ "කොළ පැහැති කෝපි ඇට" වලින් ගන්නා සාරය බවයි ඔවුන් පවසන්නේ.

දියවැඩියාව, පරිවෘත්තීය සහලක්ෂණය (Metabolic Syndrome) සහ අධික ස්ථූලතාවය යන රෝග වැළඳුන රෝගීන් හට ප්‍රථිකාර ලෙස මෙම කොළ පැහැති කෝපි සාරය අඩංගු ඖෂධ ලබා දී ඇති අතර එමඟින් ඔවුන්ගේ බර 10.5% කින් අඩු වී තිබෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි අමු කෝපි වල ක්‍රියාකාරීත්වය හඳුනාගෙන තිබෙන්නේ. 

මේ සඳහා වැඩිහිටියන් 16 දෙනෙකුට සති 12ක කාලයක් තුළ මෙම කෝපි සාරය ලබා දී තිබෙනවා. එහිදී අඩු වූ ඔවුන්ගේ බරෙහි සාමාන්‍යය වන්නේ රාත්තල් 17 ක්. එය සමස්ථ ශරීර බරෙන් 10.5% ක් වන අතර සමස්ථ මේද ප්‍රමාණයෙන් 17% ක් ලෙසයි පැවසෙන්නේ.

කොළ පැහැති කෝපි ඇට සාරය ශරීරයේ පවතින මේද පටක වල ඇති මේදය අඩු කිරීමට සමත් වන අතර පේශීන්ගේ සංයුතියෙහි වෙනසක් සිදුකරන්නේ නැහැ. ශරීරයේ බර අඩු කරගැනීම සඳහා මෙය ස්ථීර ක්‍රමයක් වන නිසාත් නැවතත් බර වැඩි නොවන නිසාත් බොහොමයක් වෛද්‍යවරුන් විසින් මෙම ක්‍රමය අනුමත කරන බවයි ඔවුන් පවසන්නේ.



හිරු එළියේ ඇති UVB කිරණ මඟින් සම පිළිස්‌සේ 
හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් සම කොතරම් දුරකට ආරක්‌ෂා වෙනවාද? 

සමට යම් ආරක්‌ෂාවක්‌ හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් ලැබේ. නමුත් තලෙළු හෝ කළු සමක්‌a හිමි කෙනෙකු ට හිරු ආවරණ ආලේපයක්‌ එදිනෙදා කටයුතු කරගැනීමේ දී දැඩි ලෙස අවශ්‍ය නොවේ. 

පැය පහක්‌ හයක්‌ පමණ එක දිගට ම හිරු එළියට සම නිරාවරණය වන ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු වැනි අයෙකුට දැඩි අව් රශ්මියෙන් ආරක්‌ෂාවීම සඳහා හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කිරීමෙන් විශාල වාසියක්‌ අත්වේ. 

සාමාන්‍යයෙන් තලෙළු සමක්‌ සහිත විනාඩි පහක්‌ දහයක්‌ එළිමහනට යන කෙනෙකු ට හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් විශාල ප්‍රායෝජනයක්‌ නොමැතිවේ. 

නමුත් පැහැපත් සමකට උරුමකම් කියන අව්වට නිතර නිරාවරණය වන කෙනෙකු ට නම් හිරු ආවරණ ආලේපයකින් බොහෝ ප්‍රයෝජන අත්වේ. 

මෙහි දී සිදුවන්නේ හිරු එළියේ තිබෙන පාරජම්බුල කිරණ අපේ අපිචර්මය හරහා චර්මය තුළට ඇතුළු වී සමේ රැළි වැටීමක්‌ ඇති කිරීම යි. අපි එවිට වයසට වඩා වැඩි පෙනුමක්‌ පෙන්වයි. අපේ අපිචර්මයේ තිබෙන මෙලනින් වර්ණකය ට මෙම අල්ට්‍රාවයලට්‌ කිරණ චර්මයට ඇතුළුවීම වැළැක්‌වීමේ හැකියාව තිබේ. එම නිසා හිරු ආවරණ ආලේපයක්‌ අපිචර්මයේ ගැල්වීම වඩාත් වාසි දායක වේ. 



හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කළ යුත්තේ දවසේ කුමන වේලාවේ ද? 

හිරු ආවරණ ආලේපයක්‌ සාමාන්‍යයෙන් කෙනෙකු හිරුඑළියට නිරාවරණය වීමට විනාඩි 15 ක ට කලින්වත් ආලේප කළ යුතුයි. සාමාන්‍යයෙන් හිරු ආවරණ ආලේපයක්‌ උදේ 8.00 සිට සවස 5.00 දක්‌වා තබා ගත යුතු ය. 

සාමාන්‍යයෙන් පවසන්නේ ගෙදර සිටියත්, එළියට ගියත්, අව්ව වැටුනත් නැතත්, වැස්‌ස තිබුණත් නැතත් හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කළ යුතුයි කිය යි. නැතිනම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ.

හිරු ආවරණ ආලේපයක බලපැවැත්ම පැය තුනක කාලයක්‌ පවතී. එම නිසා උදේ 8.00 ට හිරු ආවරණ ආලේපයක්‌ සමඟ හිරුඑළියට නිරාවරණය වන කෙනෙකු නැවත උදේ 11.00 ට ත් නැවතත් දහවල් 2.00 ට ත් එම ආලේපනය නැවත ගැල්විය යුතුයි. කළ යුත්තේ මුලින් ගැල්වූ ආලේපනය ඉවත් කර සෝදා නැවත ගැල්වීම හෝ එසේ කිරීමට නොහැකි අවස්‌ථා වල දී නම් ඒ මත නැවත ගැල්වීම යි. එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. නමුත් ලංකාවේ ජනතාව ට එසේ කිරීමේ පුරුද්දක්‌ නොමැත.

හිරු එළිය හේතුවෙන් සමේ පිළිස්‌සීම් ඇතිවෙනවා ද? 

හිරු එළිය තුළ අන්තර්ගත වන අධෝරක්‌ත සහ පාරජම්බුල කිරණ සමට අහිතකර වේ. මේවා හිරු එළියේ දෘෂ්‍ය ආලෝක පරාසය තුළ පිහිටා තිබේ. 

අධෝරක්‌ත කිරණ හරහා තාප විකිරණය මඟින් තාපය ගමන් කිරීමේ හැකියාව තිබේ. එම හේතුවෙන් හිරු එළියේ ආධෝරක්‌ත කිරණ ඔස්‌සේ එන තාපය මගින් සම පිළිස්‌සේ. ඊට අමතරව සමට අහිතකර පාරජම්බුල කිරණ තුන් වර්ගයක්‌ තිබේ. ඒවා නම් UVA, UVB, UVC, වේ. UVA කිරණ මඟින් සම කලු පැහැ ගන්වයි. UVB කිරණ මඟින් සමේ පිළිස්‌සුම් ඇති කරයි. UVC කිරණ ඉතා ම දරුණු අතර පිළිකාකාරක සෛල සම තුළ වර්ධනය කරයි. සාමාන්‍යයෙන් මෙම කිරණ පෘථිවිය මත පතිත නොවේ. ඔසෝන් වියන මඟින් මේවා පොළව මත පතිතවීම වළකයි. නමුත් ඕසෝන් වියන සිදුරු වී ඇති නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල ජනතාවට නම් UVC කිරණ මගින් ද ආරක්‌ෂාවීමට සිදුවේ. චර්ම පිළිකාවලට මෙම කිරණ හේතුවේ.



ගැස්ට‍්‍රයිටිස්වලට දේශීය ඔසුවක්


ශ‍්‍රී ලාංකික මහාචාර්යවරයෙකු විසින් ආයුර්වේදය වෛද්‍ය විද්‍යානුකූලව ගැස්ට‍්‍රයිටීස් රෝගය පාලනයට නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත.

මෙම සමත්කම දක්වා ඇත්තේ ගම්පහ වික‍්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ද්‍රව්‍ය ගුණ පිළිබඳ මහාචාර්ය එච්.එම්.ඒ.තිසේරා මහතා විසිනි.

ඒ මහතා විසින් මෙම ඖෂධය ‘ගැස්ටී‍්‍රසියා’ ලෙස නම් කර ඇති තිබේ.

අදාළ ඖෂධයෙන් ගැස්ට‍්‍රයිටීස් රෝගය 70%කින් පමණ සුවවන බවට පර්යේෂණවලින් සනාථ වී ඇතැයි ද තිසේරා මහතා සඳහන් කළේය.

මෙම ඖෂධය වැල් මී සහ අළු කෙසෙල් වැඩි වශයෙන් යොදා ගනිමින් නිපදවන බවද ඒ මහතා හෙළි කළේය.