Thursday, October 24, 2019

Mysteries Caught on Tape කැමරාවට අසු වූ අත්භූත සිදුවීම්


                                  Mysteries Caught on Tape කැමරාවට                                  අසු වූ අත්භූත සිදුවීම්


ලොව අතිශය අත්භූත සිදුවීම් වරින්වර සිදුවන අභිරහස් සගවාගත් ස්ථාන අතුරින් බර්මියුඩා ත්‍රිකෝණයට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයකි.  එයට සමාන තැන් තවත් අපට අසන්නට ඇත.

අද්භූත කඳුවැටිය
මෙම කඳුපන්තිය  ඇත්තේ ඇමරිකාවේ ඇරිසෝනා වල ෆීනික්ස් වලට නැගෙනහිරින්ය. නැව්, ගුවන්යානා අතුරුදන්  වීම් මෙම ස්ථානයේ බහුලව සිදුවන බව සොයාගෙන ඇත.

දකුණු අත්ලාන්තික් චලන විෂමතා   ප්‍ර දේශය
මෙම ප්‍ර දේශය විකිරණ ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වන අතර,  විශ්වාස කරන්නේ වෑන් ඇලන් පථය  යනුවෙන් හැදින්වෙන පෘථිවි අභ්‍යන්තර  විකිරණ පථය  පෘථිවියේ මතුපිටට ඉතාම ආසන්න වූ ප්‍ර දේශයක් ලෙසිනි. බ්‍රසීල වෙරළට මදක්   ඔබ්බෙන්  මෙම   ස්ථානය පිහිටා තිබේ. පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා, අභ්‍යවකාශ යානා මෙම  ස්ථානය ඉහලින් ගමන් කරද්දී විවිධ ගැටළු සහගත අවස්ථාවන්ට මුහුණ පාන බව වාර්තා වී ඇත. සමහර අවස්ථාවන්හිදී ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම ඇන හිටී ඇත.

අන්ජිකුනි විල
කැනඩාවේ නූනවුට්හි පිහිටා ඇති මෙම ස්ථානයෙහි ගම්මානයකම මිනිසුන් අභිරහස් ලෙස අතුරුදන් වූ බව පවසයි.

මකරාගේ ත්‍රිකෝණය
මෙම ස්ථානය පැසිපික් සයුරේ ජපාන වෙරළට ආසන්නව පිහිටා ඇත. මෙම  ප්‍ර දේශයේ ගුවන්යානා හා නෞකා අභිරහස් ලෙස අතුරුදන් වීම, අද්භූත ආලෝකයන් දර්ශනය වීම දිගින් දිගටම වාර්තා වූ බව පැවසේ.

අත්භූත වතුයාය
මෙම වතුයාය බිගෙලෝ වතුයාය ලෙසද හැදින්වේ. ඇමරිකාවේ උටා වලට වයඹ දිගින් අක්කර 480 ක පමණ ප්‍රමාණයක විසිරී පවතී. එහි අද්භූත අභ්‍යවකාශ යානා ගැවසීම් පිළිබද වාර්තා තිබේ.

මිචිගන් ත්‍රිකෝණය
තවත් භුගෝලීය ත්‍රිකෝණයක් ලෙස මිචිගන් විල  මැද පිහිටි මිචිගන් ත්‍රිකෝණය හැදින්විය හැක. එම ත්‍රිකෝණයට ඇතුලුවු යාත්‍රා බොහොමයක් අතුරදන්වු බව වාර්තා වී ඇත. සමහර අවස්ථාවලදි ඒ වායේ ගමන් කල පුද්ගලයන්ද අතුරදන්වී ඇත.

සැන් ලුයිස් මිටියාවත

ඇමරිකාවේ දකුනු දිග කොලරාඩෝහි සැන් ලුයිස් මිටියාවත යනුවෙන් හැදින්වෙන   ප්‍ර දේශයේ නිතර අද්භුත යානා වල හැසිරීමි හා අබිරහස් ලෙස කැපු සත්ත්ව  සිරුරු හමුවු බව වර්තාවේ.

Captured last week in La Junta, the above video is smack in the middle of the classic, “Is it an alien” debate.
Vivian Gomez, a resident of the town, was notified late one evening after the sensors on her porch cameras picked up movement and recorded this strange visitor.
The stranger is recorded walking and then dancing away from the house and down the driveway.
The video, posted to Facebook nearly a week ago has since gained the attention of the nation, skyrocketing past 10 million views and inspiring national news to descend on the town

එ අතර ලොව කැමරා කාචයට අසු ඌ තවමත් විසදීමට නොහැකි ඌ සිදුවීම් පෙලක් පහත වීඩියූවෙන් නරබන්න

Tuesday, October 22, 2019

ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු

ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු


ගැස්ට්‍රයිටිස් යනු අපගේ ආමාශය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක්. එය ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් ලෙස සරලව හඳුන්වනවා. ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් නිරීක්ෂණය කිරීමට හැකියි. එක ආකාරයක් කෙටි කාලයක් තුල දී මතුවිය හැකි අතර එය කෙටි කාලීන ගැස්ට්‍රයිටිස් (acute gastritis) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් පවතින්නේ දින 2-10 වැනි කාලයක් අතර යි. අනෙක් ආකාරය නම් දිගුකාලින ගැස්ට්‍රයිටිස් (chronic gastritis), එනම්, දිගු කාලයක් තිස්සේ සෙමින් සෙමින් මතුවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය යි. මෙම තත්ත්වය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා වුව ද පවතිය හැකියි

ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන හේතු සහ අවදානම් සාධක

අද වන විට සුලබ රෝග තත්ත්වයක් බවට ගැස්ට්‍රයිටිස් පත්වීම කෙරෙහි බලපාන සාධක ගැන අවධානය යොමු කිරීම වැදගත්. මන්දයත් එය රෝගය වැළඳීම වළක්වාගැනීම කෙරෙහි උපකාරී වීම යි. ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන සාධක අතරේ ඉහළින්ම සිටින සාධකයක් වන්නේ අධිකව මද්‍යසාර භාවිතා කිරීම යි. එසේම දුම්පානය කිරීම, අධිකව තේ, කෝපි වැනි දේ පානය කිරීම, අධිකව වේදනානාශක භාවිතය මෙන්ම නිවැරදිව ආහාරවේල් ලබා නොගැනීම වැනි වැරදි ජීවන රටාවන් මෙම තත්ත්වය කෙරෙහි හේතු විය හැකි වෙනවා.

ගැස්ට්‍රයිටිස් ආශ්‍රිත රෝග ලක්ෂණ.

ගැස්ට්‍රයිටිස් ආශ්‍රිතව ඇති විය හැකි රෝග ලක්ෂණ පුද්ගලයාට අනුව වෙනස් වීමට හැකි යි. එහෙත් සාමාන්‍යයෙන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස,
  • උදරයෙහි ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන දැවිල්ල හෝ කැක්කුම.
  • වමනය යාමට ආසන්න සේ හැඟීම හෝ වමනය යාම.
  • බඩ පුරවා දැමීම හෝ බඩෙහි අපහසුතාවයක් දැනීම.
  • උගුරෙහි දැවිල්ලක් ඇති වීම.
  • කෑම අරුචිය.
  • නිතර නිතර ඉක්කාවන් ඇති වීම.
ආදී රෝග ලක්ෂණ හදුනා ගැනීමට හැකි වන අතර, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඉතාමත් බරපතල මට්ටමකට පැමිණි විට,
  • වමනය සමඟ ලේ පිටවීම.
  • මළ සමඟ ලේ පිටවීම.
  • ශරීරයේ ලේ අඩුකම/ නීරක්තිය
ආදී ලක්ෂණ ද හඳුනාගැනීමට හැකි යි.

ප්‍රතිකාර හා වළක්වාගන්නා ආකාරය.

යම් රෝගයක් ඇති වී සුව කරගන්නවාට වඩා අප යුහුසුළු විය යුත්තේ එය ඇති වීම වළක්වා ගැනීමට යි. ගැස්ට්‍රයිටිස් වැළඳීම වැළකීමට අපගේ ආහාර පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, අධික සැර සහිත ආහාර භාවිතයෙන් වැළකීම, තෙල් හා පිෂ්ටය අධික ආහාර ගැනීමෙන් වැළකීම මෙන්ම, තක්කාලි වැනි ආහාර අධිකව පරිභෝජනය කිරීමෙන් වැළකීමට ද වගබලාගත යුතු වෙනවා. එමෙන්ම යෝගට්, නිවුඩු සහිත ධාන්‍ය, කැරට්, පොල් වතුර, ඇපල්, මෙන්ම අලුත් එළවලු හා පලතුරු මෙම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා යෝග්‍ය වෙනවා.
honeybellscookery.com (අලුත් එළවලු හා පලතුරු භාවිතය මෙහිදී වැදගත් වැදගත් වෙනවා)
එසේම වැදගත්ම කාරණයක් වන්නේ මෙම රෝගය වැළදුණු පසු සුව කර ගැනීමට නම් ඔබගේ වැරදි ජීවන පුරුදු වෙනස් කරගැනීමට අවැසි බවයි. මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකීම, අසාත්මික ආහාර වලින් ඈත් වීම, තේ කෝපි පානය අවම කිරීම, අධික තෙල්, පිටි අඩංගු ආහාර භාවිතයෙන් වැළකීම, මිරිස් තුනපහ වැඩිපුර යෙදු ආහාර භාවිතයෙන් වැළකීම, ඇඹුල් ගතිය වැඩි ආහාර භාවිතය අඩු කිරීම මෙන්ම, නිරාහාරව සිටීමෙන් වැළකීම ද වැදගත් වෙනවා.
මානසික ආතතිය පාලනය කරගැනීම ද අත්‍යවශ්‍ය තවත් කරුණක්. ඒ සඳහා හොදින් නිදා ගැනීම, විවේකය, සහ සතුටින් සිටීම වැදගත් වෙනවා. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, ආහාර හොඳින් සැපීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, ශරීරයේ නිසි බර පවත්වා ගැනීම මෙන්ම ව්‍යායාම වල නිරතවීම ආදිය ද ගැස්ට්‍රයිටිස් පාලනය කිරීම සඳහා උපකාරී වෙනවා. එමෙන්ම වෛද්‍යවරයා විසින් ලබා දෙන ඖෂධ නිසි අයුරින් භාවිතා කිරීම ද වැදගත්.

Sunday, August 17, 2014

SRILANKAN BEHET

ශරීරයේ බර අඩු කිරීමට ස්වභාවික ඔසුවක්


ශරීරයේ බර සීඝ්‍රයෙන් වැඩි වීම වර්තමානයේ බොහෝ දෙනෙකුට තිබෙන දැවෙන ප්‍රශ්ණයක් වන අතර එයට විසඳුමක් සෙවීමට ඇමරිකානු වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. 

ඔවුන් පවසන පරිදි ඒ සඳහා යොදාගන්නේ 100% ක් ස්වභාවික කෝපි සාරයයි. ශරීරයේ බර අඩු කරගැනීමට වඩා ක්‍රියාකාරී වන්නේ "කොළ පැහැති කෝපි ඇට" වලින් ගන්නා සාරය බවයි ඔවුන් පවසන්නේ.

දියවැඩියාව, පරිවෘත්තීය සහලක්ෂණය (Metabolic Syndrome) සහ අධික ස්ථූලතාවය යන රෝග වැළඳුන රෝගීන් හට ප්‍රථිකාර ලෙස මෙම කොළ පැහැති කෝපි සාරය අඩංගු ඖෂධ ලබා දී ඇති අතර එමඟින් ඔවුන්ගේ බර 10.5% කින් අඩු වී තිබෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි අමු කෝපි වල ක්‍රියාකාරීත්වය හඳුනාගෙන තිබෙන්නේ. 

මේ සඳහා වැඩිහිටියන් 16 දෙනෙකුට සති 12ක කාලයක් තුළ මෙම කෝපි සාරය ලබා දී තිබෙනවා. එහිදී අඩු වූ ඔවුන්ගේ බරෙහි සාමාන්‍යය වන්නේ රාත්තල් 17 ක්. එය සමස්ථ ශරීර බරෙන් 10.5% ක් වන අතර සමස්ථ මේද ප්‍රමාණයෙන් 17% ක් ලෙසයි පැවසෙන්නේ.

කොළ පැහැති කෝපි ඇට සාරය ශරීරයේ පවතින මේද පටක වල ඇති මේදය අඩු කිරීමට සමත් වන අතර පේශීන්ගේ සංයුතියෙහි වෙනසක් සිදුකරන්නේ නැහැ. ශරීරයේ බර අඩු කරගැනීම සඳහා මෙය ස්ථීර ක්‍රමයක් වන නිසාත් නැවතත් බර වැඩි නොවන නිසාත් බොහොමයක් වෛද්‍යවරුන් විසින් මෙම ක්‍රමය අනුමත කරන බවයි ඔවුන් පවසන්නේ.



හිරු එළියේ ඇති UVB කිරණ මඟින් සම පිළිස්‌සේ 
හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් සම කොතරම් දුරකට ආරක්‌ෂා වෙනවාද? 

සමට යම් ආරක්‌ෂාවක්‌ හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් ලැබේ. නමුත් තලෙළු හෝ කළු සමක්‌a හිමි කෙනෙකු ට හිරු ආවරණ ආලේපයක්‌ එදිනෙදා කටයුතු කරගැනීමේ දී දැඩි ලෙස අවශ්‍ය නොවේ. 

පැය පහක්‌ හයක්‌ පමණ එක දිගට ම හිරු එළියට සම නිරාවරණය වන ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු වැනි අයෙකුට දැඩි අව් රශ්මියෙන් ආරක්‌ෂාවීම සඳහා හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කිරීමෙන් විශාල වාසියක්‌ අත්වේ. 

සාමාන්‍යයෙන් තලෙළු සමක්‌ සහිත විනාඩි පහක්‌ දහයක්‌ එළිමහනට යන කෙනෙකු ට හිරු ආවරණ ආලේපයක්‌ භාවිතයෙන් විශාල ප්‍රායෝජනයක්‌ නොමැතිවේ. 

නමුත් පැහැපත් සමකට උරුමකම් කියන අව්වට නිතර නිරාවරණය වන කෙනෙකු ට නම් හිරු ආවරණ ආලේපයකින් බොහෝ ප්‍රයෝජන අත්වේ. 

මෙහි දී සිදුවන්නේ හිරු එළියේ තිබෙන පාරජම්බුල කිරණ අපේ අපිචර්මය හරහා චර්මය තුළට ඇතුළු වී සමේ රැළි වැටීමක්‌ ඇති කිරීම යි. අපි එවිට වයසට වඩා වැඩි පෙනුමක්‌ පෙන්වයි. අපේ අපිචර්මයේ තිබෙන මෙලනින් වර්ණකය ට මෙම අල්ට්‍රාවයලට්‌ කිරණ චර්මයට ඇතුළුවීම වැළැක්‌වීමේ හැකියාව තිබේ. එම නිසා හිරු ආවරණ ආලේපයක්‌ අපිචර්මයේ ගැල්වීම වඩාත් වාසි දායක වේ. 



හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කළ යුත්තේ දවසේ කුමන වේලාවේ ද? 

හිරු ආවරණ ආලේපයක්‌ සාමාන්‍යයෙන් කෙනෙකු හිරුඑළියට නිරාවරණය වීමට විනාඩි 15 ක ට කලින්වත් ආලේප කළ යුතුයි. සාමාන්‍යයෙන් හිරු ආවරණ ආලේපයක්‌ උදේ 8.00 සිට සවස 5.00 දක්‌වා තබා ගත යුතු ය. 

සාමාන්‍යයෙන් පවසන්නේ ගෙදර සිටියත්, එළියට ගියත්, අව්ව වැටුනත් නැතත්, වැස්‌ස තිබුණත් නැතත් හිරු ආවරණ ආලේපයක්‌ ආලේප කළ යුතුයි කිය යි. නැතිනම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ.

හිරු ආවරණ ආලේපයක බලපැවැත්ම පැය තුනක කාලයක්‌ පවතී. එම නිසා උදේ 8.00 ට හිරු ආවරණ ආලේපයක්‌ සමඟ හිරුඑළියට නිරාවරණය වන කෙනෙකු නැවත උදේ 11.00 ට ත් නැවතත් දහවල් 2.00 ට ත් එම ආලේපනය නැවත ගැල්විය යුතුයි. කළ යුත්තේ මුලින් ගැල්වූ ආලේපනය ඉවත් කර සෝදා නැවත ගැල්වීම හෝ එසේ කිරීමට නොහැකි අවස්‌ථා වල දී නම් ඒ මත නැවත ගැල්වීම යි. එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. නමුත් ලංකාවේ ජනතාව ට එසේ කිරීමේ පුරුද්දක්‌ නොමැත.

හිරු එළිය හේතුවෙන් සමේ පිළිස්‌සීම් ඇතිවෙනවා ද? 

හිරු එළිය තුළ අන්තර්ගත වන අධෝරක්‌ත සහ පාරජම්බුල කිරණ සමට අහිතකර වේ. මේවා හිරු එළියේ දෘෂ්‍ය ආලෝක පරාසය තුළ පිහිටා තිබේ. 

අධෝරක්‌ත කිරණ හරහා තාප විකිරණය මඟින් තාපය ගමන් කිරීමේ හැකියාව තිබේ. එම හේතුවෙන් හිරු එළියේ ආධෝරක්‌ත කිරණ ඔස්‌සේ එන තාපය මගින් සම පිළිස්‌සේ. ඊට අමතරව සමට අහිතකර පාරජම්බුල කිරණ තුන් වර්ගයක්‌ තිබේ. ඒවා නම් UVA, UVB, UVC, වේ. UVA කිරණ මඟින් සම කලු පැහැ ගන්වයි. UVB කිරණ මඟින් සමේ පිළිස්‌සුම් ඇති කරයි. UVC කිරණ ඉතා ම දරුණු අතර පිළිකාකාරක සෛල සම තුළ වර්ධනය කරයි. සාමාන්‍යයෙන් මෙම කිරණ පෘථිවිය මත පතිත නොවේ. ඔසෝන් වියන මඟින් මේවා පොළව මත පතිතවීම වළකයි. නමුත් ඕසෝන් වියන සිදුරු වී ඇති නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල ජනතාවට නම් UVC කිරණ මගින් ද ආරක්‌ෂාවීමට සිදුවේ. චර්ම පිළිකාවලට මෙම කිරණ හේතුවේ.



ගැස්ට‍්‍රයිටිස්වලට දේශීය ඔසුවක්


ශ‍්‍රී ලාංකික මහාචාර්යවරයෙකු විසින් ආයුර්වේදය වෛද්‍ය විද්‍යානුකූලව ගැස්ට‍්‍රයිටීස් රෝගය පාලනයට නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත.

මෙම සමත්කම දක්වා ඇත්තේ ගම්පහ වික‍්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ද්‍රව්‍ය ගුණ පිළිබඳ මහාචාර්ය එච්.එම්.ඒ.තිසේරා මහතා විසිනි.

ඒ මහතා විසින් මෙම ඖෂධය ‘ගැස්ටී‍්‍රසියා’ ලෙස නම් කර ඇති තිබේ.

අදාළ ඖෂධයෙන් ගැස්ට‍්‍රයිටීස් රෝගය 70%කින් පමණ සුවවන බවට පර්යේෂණවලින් සනාථ වී ඇතැයි ද තිසේරා මහතා සඳහන් කළේය.

මෙම ඖෂධය වැල් මී සහ අළු කෙසෙල් වැඩි වශයෙන් යොදා ගනිමින් නිපදවන බවද ඒ මහතා හෙළි කළේය.